මිහින්තලය පොළ භූමියේ සිටි යාචක දැරියක අපයෝජනයට ලක් කළ බව කියන තරුණයකු හා ඊට අනුබල දුන් සැකකාර තරුණයාගේ මව අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අතවරයට ලක් වූ දැරියගේ මව කළ පැමිණිල්ලකට අනුව සැකකරු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණී. කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය දැරිය පරිවාස භාරයට පත් කරන ලෙස පොලීසියට නියෝග කර ඇත.
1 comments:
නොදකින් යකෝ මුන් ට වෙඩි තියන්න ඔනේ
Post a Comment