Stats

Monday, January 3, 2011

2011 ICC කුසලානයේ තේමා ගීතය

ශංකර් -එහ්සාන් -ලෝයි 2011 ICC කුසලානයේ තේමා ගීය නිර්මාණය කරයි.

බොලිවුඩයේ සුප‍්‍රකට සංගීත අධ්‍යයක්‍ෂකවරුන් තිදෙනෙකු වන ශංකර් -එහ්සාන් -ලෝයි විසින් 2011 අයි සී සී ලොක කුසලානයේ නිල තේමා ගීතය නිර්මාණය කර ඇත.

ශංකර් මහාදේවන්, එහ්සාන් නූරානී හා ලෝයි මෙන්ඩොන්සා යන මෙම තිදෙනා ලොව පුරා ප‍්‍රසිද්ධ වී ඇත්තේ ශංකර් -එහ්සාන් -ලෝයි ලෙසය.

‘‘දෙ ගුමා කේ” නම් මෙම තේමා ගීය හින්දි, බෙංගාලි හා සිංහල යන භාෂා තුනෙන්ම නිර්මාණය වී ඇති අතර, ගීතය පසුගිය 31දා ඉන්දීය ගුවන්විදුලි නාලිකා හා ESPN ස්ටාර් ස්පෝට්ස් ඔස්සේ නිකුත් විය. තදින් පහර දෙනු යන අරුතෙන් යුත් ‘‘දෙ ගුමා කේ” යනු, තරඟකාරීත්වය හා ජය ගැනීමට ඇති අභිප‍්‍රාය කලාත්මකව ග‍්‍රහණය කර ඇති ප‍්‍රකාශයක් බව පසුගියදා නිවේදනයක් නිකුත් කරන ජාත්‍යයන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවසයි.
2011 අයි සී සී ලොක කුසලානය පෙබරවාරි 19 සිට අපේ‍්‍රල් 02 දා දක්වා ඉන්දියාවේ, ශ‍්‍රී ලංකාවේ හා බංගලාදේශයේ පැවැත්වීමට නියමිතය.


Download

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More