ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා විශාල අනුගාමිකයන් පිරිසක් සිටි හින්දු ස්‌වාමිවරයකු ඉන්දියානු නිළියක් වන රංජිතා සමග ලිංගිකව හැසිරුණු ආකාරය රැගත් වීඩියෝ පටයක් ප්‍රසිද්ධවීම වැළැක්‌වීමට පවුම් මිලියන 1.4 ක මුදලක් ගෙවා ඇතැයි ඉන්දියානු පොලිසිය කියයි.
32 හැවිරිදි නත්‍යානන්ද නම් වූ මෙම යෝගි සහ භාවනා සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන ස්‌වාමිවරයෙකි. ඔහු වෙත තිබූ භක්‌තිය හේතුකොටගෙන ඔහු මහා ධනස් කන්දයකට උරුමයක් තියන පුද්ගලයකු වීමට වැඩි කලක් ගත වී නැත.
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමාගේ අනුගාමිකයන් අතර සිටි හැඩකාර කාන්තාවන් 20 ක සමග පමණ ලිංගික ඇසුරු කම් පවත්වාගෙන ගිය බවය. මේ සියලු අපචාරකම් කර ඇත්තේ තම ආශ්‍රමය තුළය.
තමන් දේවත්වයෙන් පිදූ පුද්ගලයා මෙවැනි කෙනෙක් බව ඔහුගේ අනුගාමිකයෝ දැනගත් පසු ඔහුගේ ආශ්‍රමය අසල දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වා ඇත.
0 comments:
Post a Comment