Stats

Tuesday, December 21, 2010

සැන්විච් කෑමට ගොස් පවුම් මිලියන ගණනක වයලීනය අහිමිවේ.

සැන්විච් මිලට ගැනීම සඳහා ලන්ඩනයේ සැන්විච් අවන්හලක් අසල නැවතුණු සංගීත ශිල්පිණියකට ඇයගේ වසර 300 ක් පැරණි පවුම් මිලියන 1 .2 ක වටිනාකමින් යුත් වයලීනය අහිමිවීමේ සිද්ධියක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. 32 හැවිරිදි මෙම කොරියානු වයලීන වාදන ශිල්පිණිය සැන්විච් මිලට ගැනීම සඳහා අදාළ අවන්හලට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් ඇගේ වයලීනය සොරාගෙන ගොස් තිබේ.

මෙම වයලීන‍ය වාදනය කරනු ලබන අලුව(bow) පමණක් පවුම් 62, 000 ක වටිනාකමකින් යුතු බව ද සඳහන්ය. මෙම වයලීනය හෝ එය සොරාගත් පුද්ගලයා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකු වෙත පවුම් 15, 000 ක මුදලක් ලබාදෙන බව ද එම වයලීනය රක්ෂණය කරන ලද රක්ෂණ සමාගම නිවේදනය කර තිබේ.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More