Stats

Tuesday, December 28, 2010

ක්‌ලයිව් ලොයිඩ්ගේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට ලංකාවෙන් සනත් සහ මුරලි පමණයි



බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ හිටපු නායක ක්‌ලයිව් ලොයිඩ් විසින්
නම් කරන ලද එක්‌දින කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය
සහ මුත්තයියා මුරලිදරන්ගේ නම් ඇතුළත් වී තිබේ.
එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආරම්භ වී මෙම ජනවාරි මසට වසර 40 ක්‌ සම්පූර්ණ වන අතර එය සැමරීම පිණිස ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය මගින් අන්තර්ජාලය ඔස්‌සේ සිදුකරනු ලබන ඡන්ද විමසීමට ප්‍රතිචාර දක්‌වමින් ලොයිඩ්, ජයසූරිය සහ මුරලිදරන් ඇතුළු ක්‍රීඩකයන් 15 දෙනකු එම සදාතනික කණ්‌ඩායමට නම් කොට තිබේ.

ලොයිඩ් විසින් නම් කරන ලද සදාතනික එක්‌දින කණ්‌ඩායම
1)ඉම්රාන් ඛාන්
2)සනත් ජයසූරිය
3)මුත්තයියා මුරලිදරන්
4)බ්‍රයන් ලාරා,
5)සචින් ටෙන්ඩුල්කාර්,
6)ග්ලෙන් මැක්‌ග්‍රාත්,
7)ෂේන් වෝන්
8)ඩැනියෙල් විටෝරි
9)රිචඩ් හැඩ්ලින්කපිල් දේව්
10)ඉයන් බෝතම්
11)ජාවෙඩ් මියෑන්ඩාඩ
12)මහේන්ද්‍ර සිං දොනි
13)ඇඩම් ගිල්ක්‍රිස්‌ට්
14)වසීම් අක්‍රම්.

1 comments:

12 වෙනස් වුනානම් හරි මොකද කඩුලු රකින්නෙක් විදියට අපේ සංගා දෝනි ට වඩා ඉතා+ඉතා විශිෂ්ටයි. පිතිකරුවෙක් විදියට ගත්තාම දෙදෙනා සමාන වෙන්න පුලුවන්.

දෝනිගේ කඩුලු රැකීම හෝ කඩුල්ල පිටිපස සිට පිලට විය යුතු නාරණා අතින් වඩාත් දුර්වලයි.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More